• August 9, 2020
0 Comments

බෙදා හරින්න

ට්‍රැක්ටර ලකුණෙන් එන ජනසෙත පෙරමුණේ දේශපාලන ක්‍රියාකරුවකු ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා පත් කළ බත්තරමුල්ලේ සීලරතන හිමි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහුව එම පක්ෂයෙන් ඉවත් කළ බව දැනුම් දී තිබෙනව. නිශ්චිත හේතුවක් දක්වා නැතත් සීලරතන හිමි කියා සිටින්නේ තමන් වහන්සේ රෝගාතුරව සිටි සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සිදුකිරීමට නාගානන්ද මහතාට පවරා තිබුනද දැන් තමන් වහන්සේ නිරෝගි බැවින් නාගානන්ද මහතා තව දුරටත් අනවශ්‍ය බවයි.

බත්තරමුල්ලේ සීලරතන හිමි නිකුත් කළ මාධ්‍ය නිවේදනය

මීට පෙරද නාගානන්ද මහතාව පක්ෂ සහ සංවිධාන රැසකින් ප්‍රතික්ෂේප වූ අතර මෑතකදී නිර්මාණය වූ අබිමං ලංකා නම් සංවිධානයෙන්ද නාගානන්ද ඉවත් වූයේ එම සංවිධානය තමන්ගේ එක රැයෙන් සම්මත වන ව්‍යවස්ථාවකට එකඟ නොවූ බව කියමින්. නාගානන්ද මහතාගේ සහ ඔහුගේ අනුගාමිකයන්ගේ මතයට අනුව එම ව්‍යවස්ථාවට එකග නොවන සියල්ලෝම දේශද්රෝහීන් ලෙස සලකන බවය.

කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකවරුන් මෙය භයානක “ස්වෝත්තමවාදී ඒකාධිපති” අදහසක් බව මත පල කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares