• August 5, 2020
5 Comments

බෙදා හරින්න

2018 දෙසැම්බරයේදී ජාතික ජනතා ව්‍යාපාරය නමින් ජනතා සංවිධානයක් බිහි වීම දෙස අපි නිහඬව බලාපොරොත්තු සහගතව බලා සිටියෙමු. එයට විවිධ සංවිධාන රැසක් එ වූයේ පවතින දූෂිත ක්‍රමවේදයට එරෙහිව සටන් කිරීමටය. පසුව එයට නාගානන්ද නම් යම්කිසි දරුණු අනන්‍යතා (මමත්ව) අර්බුධයක සිටින පුද්ගලයාද සම්බන්ධ වී ඇති අයුරු අපි දුටුවෙමු. එහිදී පෞද්ගලිකව මෙම ලියුම්කරු, ජාතික ජනතා ව්‍යාපාරයට (NPM) ඔහුව ලං නොකරගත යුතු වන්නේ ඇයිද යන්න පහදා දුන්නද, ඒ අවස්ථාවේදී නාගානන්දව එම සංවිධානයෙන් ඉවත් කිරීමට එම සංවිධානයේ පිරිස් උත්සහ නොගත්තේ ඒ අවදියේ නාගානන්ද අවංකව හඬ නගනා බව පෙනෙන්නට තිබූ නිසා විය හැකිය. බොහෝ පිරිස නාගානන්ද නම් වූ විශකුරු නාගයාගේ සැබෑ ස්වභාවය නොදැක ඔහු පසුපස යන්නට ගත්තේ ඔහු කට උල් කර කියනා දැඩි ස්වෝත්තමවාදී බයිලාවන්ට වශීක්ෘත වීම නිසාවෙනි. ඔහුගේ බයිලා නොදැවෙනි වන්නේ ජවිපේ අනුර කුමාරගේ බයිලාවන්ටය. නමුත් නාගානන්දගේ මෙම දැඩි මමත්ව අර්බුධය නිසාවෙන්ම ඔහුට වැඩිදුර කණ්ඩායමක රැඳී සිටින්නට නොහැකි බව මේ ලියුම්කරු තේරුම් ගත්තේ ඔහු සමඟ සිදු කල සාකච්ඡාවකිනි. 

“නාගානන්ද ගෙන එන මේ වැඩපිලිවෙලට විතරමයි රට ගොඩ ගන්න පුලුවන්.. ඒක කරන්න පුලුවන් නාගානන්දටම විතරයි.. ඒකට විරුද්ධ වෙන්නේ දේශද්‍රෝහීන්..” මේ ඔහු මට පැවසූ වදන්‍ ය. ඔහු තමන්ව “මම” කියා හඳුන්වා ගන්න බයක් දක්වයි. එය ගෝඨාභය මාධ්‍යවේදීන් හමුවට යාමට ඇති බය හා සමාන බයකි. මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතණය කල බව දන්නා හ්ෘද සාක්ෂිය මාධ්‍යවේදීන් ඉදිරියට යාමට දක්වන්නේ යම්කිසි බියකි. එලෙසින්ම ඉතා දරුණු මමත්වයකින් පෙළෙන මෙම නාගානන්ද නම් පුද්ගලයාද “මම” යන පදයට බියක් දක්වන්නේ ඔහු සඟවාගෙන සිටින දරුණු මමත්වය ඉස්මතු වේදෝ යන සැකය නිසාවෙනි. 

සිතූ පරිදිම නාගානන්ද ජාතික ජනතා ව්‍යාපාරයෙන් තමන්ට ජනපති අපේක්ෂකත්වය ඉල්ලා ඇති අතර NPM හී තීරණය වූයේ සියල්ලන්ම එකඟ වූ මානසිකව සුවපත් පුද්ගලයෙකු ඔවුන්ගේ අපේක්ෂකත්වයට පත්කල යුතු බවයි. ඒ අනුව ඔවුන් නිර්ණායක 14 ක් ඉදිරිපත් කොට එම නිර්ණායක සම්පූර්ණ කරනා පුද්ගලයෙකු අපේක්ෂකත්වයට පත් කිරීමට එකඟ වී ඇත. අපේක්ෂකත්වය තමන්ටම අවශ්‍ය වූ නිසා ඉන් අනතුරුව නාගානන්ද නම් ඒ විශකුරු සර්පයා එම සංවිධානයෙන් ඉවත් ව ගියේ ඔහුට කණ්ඩායමක් සමගින් කටයුතු කිරීමට හැකියාවක් නැති බව පෙන්වා දෙමින්.  (එහෙත් විවිධ අවස්ථාවලදි ඔහු NPM නායක හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා තමන්ගේ කණ්ඩායමේ අයෙකු බවත්, තවත් අවස්ථාවක ඉතාලියේදී තමන් NPMහි ජනපති අපේක්ෂක බවත් පවසා මුදල් එකතු කිරීම් සිදු කොට ඇත. )

ජනපති අපේක්ෂක නිර්ණායක

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා "ජාතික ජනතා ව්‍යාපාරය" විසින් ඉදිරිපත් කොට ඇති නිර්ණායකයන්.National Peoples Movement – NPM #npm #srilanka2020 #changethesystem #lka #SriLanka #PresidentialElection #Candidate #President2020 #NewEra #NationalPeoplesMovement

Posted by National Peoples Movement – NPM on Wednesday, June 12, 2019
NPM ජනපති අපේක්ෂක නිර්ණායකය​න්

හොඳම නාටක ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. 

නාගානන්ද නම් පුද්ගලයා පොහොට්ටුවේ මුදලට යට වන්නේ ඉන්පසුවයි. ඒ වන විටත් ඔහු විදේශ රටවලින් විශාල මුදල් ප්‍රමාණයක්ද ලබා ගෙන තිබුණි. පොහොට්ටුව යනු කුමන වැරදි තිබුණද කල් තියා ගේම්ස් ප්ලෑන් කරනා දක්ශ බැසිල්ගේ පක්ෂයයි. ඔවුන් නාගානන්දව භාවිතා කළේ විකල්පය ලෙස ඉස්මතු වෙන ජනතා නැගිටීම් කෙරෙහි විශ්වාසය බිඳ හෙලීමටයි. ඉරාජ් සහ නාගානන්ද නාටකය රඟ දැක්වූයේද එලෙසමය. නාගානන්ද කිසිවිටෙකත් දේශපාලන පක්ෂයක් ලබා ගැනීමට උත්සුක නොවූ හේතුවද එයමය. 

එජාපයේ නියෝජිත ඕෂලගේ භූමිකාව

සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙකු ලෙස කියාගන්නා, ජනපති මෛත්‍රිපාලගේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු ලෙස ක්‍රියාකළ ඕෂල හේරත් නම් පුද්ගලයා මේ අතරතුරේ සෙමින් විකල්ප කඳවුර තුලට ඇතුල්වන අතර ඔහුගේ අදිසි හස්තය වූයේ අමාත්‍ය රාජිත සේනාරත්නයි. තමන් විකල්ප දේශපාලනයට සහය දක්වන බව කියා සිටි ඔහු ක්‍රමයෙන් විකල්ප අපේක්ෂකයන් සියලු දෙනා විවේචනය කිරීමට පටන් ගනියි. ජාතික ජනතා ව්‍යාපාරයෙන් ඉදිරිපත්වන්නේ ගාමිණී විජේසිංහ මහතා ලෙස රාවයක් යද්දී ඔහු කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු වූ ගාමිණී විජේසිංහ මහතාට අභූත චෝදනා එල්ල කරන ලදි. එමෙන්ම ඉන්පසුව අජිත් කොලොන්නේ මහතාටද, ඉදිරිපත් වෙනවා යයි සැක කෙරෙන සියල්ලන්ටම මඩ චෝදනා එල්ල කිරීම ඔහුට ලබා තිබූ කාර්‍යභාර්ය වෙයි. රාජිතගේ අභිප්‍රාය වූයේ නව බලවේගය දිය කර හැර තුනවන බලවේගය ලෙස ජවිපෙ තව දුරටත් ඉතිරි කර තබා ගැනීමයි. ඔවුන්ට අවශ්‍ය වූ කල “මේ රතු අලි පැටව්” නැටවීමට හැකි බව ඔහු හොඳින් දනී. ඒ අනුව ඕෂල හේරත් විකල්පයේ සිටි තවත් ජනපති සිහින කුමරෙකු වන ඉසුරු සුභසිංහ නැමති මුග්ධ කොලු ගැටයාව භාවිතා කරමින් සියුම්ව ජවිපෙට කඩේ යවමින් විකල්පය යනු ජවිපේ බව ඉස්මතු වන ලෙසට ඔහුට කැම්පේන් එකක් පවරා දුන්නේය. 

mmm leadership

you kiddin me bro? :v :v

Posted by SocialMedia Judges' Club on Wednesday, October 23, 2019
ඉසුරු සුබසිං​හ

එජාප සහ පොහොට්ටු කඳවුරු දෙකටම හිසරදයක් වූ තමන්ට බිළී බාගත නොහැකි  ජාතික ජනතා ව්‍යාපාරය විනාශ කිරීමට ඔවුන් දෙකොටසම කතිකාකර ගනිද්දී ජාතික ජනතා ව්‍යාපාරය තම ජනපතිධූර අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාව ඉදිරිපත් කළේ ඕෂල,නාගානන්ද, ඉරාජ් වැනි පුද්ගලයන්ට දෙලෝරත් කරවමිනි. පොහොට්ටුවෙන් ඉරාජ්ට ලබා දී තිබූ කොන්ත්‍රාත්තුව නම් සිංහල ජාතිවාදයත් මුසු කොට විකල්පයට ආකර්ෂණය වූ තරුණ ඡන්ද පොහොට්ටුවට ලබා ගැනීමයි.  නාගානන්දට දී තිබූ කොන්ත්‍රත්තුව නම් විකල්පය කෙරෙහි විශ්වාසය බිඳ නැවත ඡන්ද ටික පොහොට්ටුවට සහ එජාපයට යොමු කිරීමයි. ඒ අනුව ඔහුද ෆයිල් කවරයක් කිහිල්ලේ ගසාගෙන නාම යෝජනා දෙන දිනයේදී මැතිවරණ කොමිසම ඉදිරියේ තම එක් ජවනිකාවක් රඟ දැක්වූයේය. ඊට පෙරද ඔහු ජවනිකාවක් රඟ දැක්වූයේ අභිමං ලංකා නම් සංවිධානය තම ඊනියා ව්‍යවස්ථා කඩමල්ලට එකඟ නොවූ බැවින් ඔවුන් දේශද්‍රෝහීන් යයි පවසා එයින් ඉවත් වෙමින් ය. එදාද ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පැවසුවේ විකල්පය අවසන් බවයි.  ඕෂලද ජාතික ජනතා “පක්ෂයේ” හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරු දෙදෙන්කු ගෙන්වා ගෙන මාධ්‍ය සාකච්ඡාවක් මෙහෙයවා මහේෂ් සේනානායක මහතාට එරෙහිව චෝදනා කිරීමට උත්සහ ගත්තද එය ලත් තැනම ලොප් විය. ඔහුගේ ඒ ප්‍රයත්නයට මාධ්‍ය ආවරණයක්ද හිරු සහ දෙරණ මගින් ලබා දී තිබිණි. 

එජාප ඇමතිවරයාගේ ගෝලබාලයෙකු විසින් මෙහෙයවන මඩ කුමන්ත්‍රණය

මහේෂ් සේනානායක මහතාට එල්ල කළ තවත් මඩ ප්‍රහාරයක් ව්‍යර්ථ වෙයි!Voice TV

Posted by Voice TV on Sunday, October 20, 2019

හිටපු යුධ හමුදාපතිවරයාට තරුණ ආකර්ෂණය ලැබෙන්නට පටන් ගත් විගස ඉරාජ්, ඕෂල, නාගානන්ද තුන් කට්ටුව එකතු වී කතිකාකොට ගෙන තිබුණේ විකලපය බිඳ වීමට නම් ජවිපේ තුන්වන බලවේගය ලෙස ඉදිරියටත් පැවතිය යුතු බවයි. ඒ අනුව ඉසුරු අනෙකුත් අපේක්ෂකයන්ට අනුර කුමාර වටා රොක් වීමට කියා ඉල්ලීම් ඉදිරිපත් කළ අතර නාගානන්ද සජිත් ගේ සහ ගෝඨාභයගේ ගුණ වයමින් වීඩියෝ නිකුත් කිරීමට පටන් ගත්තේය.  ඉරාජ් සිය ෆේස්බුක් බලකාය සමඟින් මහේෂ් සේනානායක මහතාට විවිධාකාර මඩ ප්‍රහාරයන් ඒ අතරතුරේදී එල්ල කලේ තම තරුණ ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමටත්, තුන්වන බලවේගය ලෙස තමන්ට නම්මවාගත හැකි පිරිසක් පත් කර ගැනීමේ ඉහත කී වුවමනාවත් නිසාය. 

නාගානන්දගේ ඉතාමත් සමීපතයෙක් මෙම ලියුම්කරුට කියා සිටි කරුණ නම්, තමන්ට එදා අපේක්ෂකත්වය ලබා දීමට ඉඩ නොදුන් ජාතික ජනතා ව්‍යාපාරයට කිසිදා ජයක් ලබා ගැනීමට ඉඩ නොදෙන බවත්, තමන්ට බැරි නම් මොකාටවත් තමන් මෙහි රජ කරන්නට ඉඩ නොදෙන බවත් ඔහු කෝපාවිෂ්ඨව පවසා ඇති බවය. 

ඉරාජ් සහ නාගානන්ද ගේ මීළඟ මෙහෙයුම ආරම්භ කළේ ඉන් අනතුරුවයි.

ප්‍රතිපත්තීන් කිහිපයක් මුල් කරගෙන ඇති වූ විසංවාදයක් හේතුවෙන් NPM කණ්ඩායමින් දැනට ඉවත් ව සිටින අජිත් කොලොන්නේ මහතාට දුරකථන ඇමතුමක් ගෙන එය පටිගත කොට වික්ෘති කර බෙදා හැරීම නාගානන්දගේ මෙහෙයුමයි. ඔහු එය සිදු කොට ඇත. ජාතික ජනතා ව්‍යාපාරය පුද්ගලයන් මත රඳා නොපවතින ජනතා ව්‍යාපාරයක් නිසාවෙන් එය ඔවුනට ගැටලුවක් නොවනු ඇත.  නමුත් නාගානන්ද වැනි මුදලට සහ ප්‍රසිද්ධියට කෑදර විසකුරු සර්පයන්ගෙන් සමාජයට වන හානිය සුළුපටු නොවේ. මේ ලියුම්කරු අජිත් කොලොන්නේ මහතාගෙන් පෞද්ගලිකව මේ ගැන විමසූ අවස්‍ථාවේදී ඔහු පවසා සිටියේ ප්‍රතිපත්තිමය කරුණක් සම්බන්ධයෙන් මේ දිනවල ජාතික ජනතා ව්‍යාපාරයෙන් බැහැරව සිටිනමුත් එම ප්‍රතිපත්තිමය කරුණු විසඳාගෙන නැවත කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට හැකි බවයි. 

ඉරාජ්- නාගානන්ද ගේම් එ​ක

ජාතික ජනතා ව්‍යාපාරය බිහි වීමෙන් පසුව, ජනතා විමුක්ති පෙරමුණ එක්වරම ජාතික ජනතා බලවේගය වීමත්, නාගානන්දගේ නාටක දෙසත්, ඕෂල, ඉසුරු ඉරාජ් වැන්නවුන් හැසිරෙන අයුරු නිසොල්මනේ නිරීක්ෂණය කරනා ඕනෑම අයෙකුට මොවුන්ගේ සැඟවුනු නරි නාටකයන් ගැන යතාර්තය අවබෝධ වනු ඇත. මෙවන් විශකුරු බලවේග දුරින්ම දුරු කොට ජනතා ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාම එම ජනතා ව්‍යාපාරයේ සිටිනා “ජනතාව”ගේ කාර්‍යභාර්‍යයකි. 

ලියුම්කරු සටහන මෙලෙස අවසන් කරන්නේ අනගාරික ධර්මපාලයන්ගේ වැකියක් සිහි ගන්වමින්..

“උබලා දියසේන කුමාරයා ඉපදෙනකම් බලාගෙන ඉන්නවා.. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරා දාන්න මේ කලු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා!”

ජනතාවනි, දියසේන උපත ලබමින් ඇත. කළු සුද්දන්ද තිඹිරිගෙයට පැමිණ ඇත. උපදින උඹලාගේ දියසේන රැකගැනීම නුඹලාට භාරය! 

-දීපති දීපාල් කුමාර මහතා විසින් සම්පාදනය කරන ලද ලිපියකි-

5 thoughts on “නාගා-ඕශල-ඉසුරු-ඉරාජ්ගේ ජනතා ව්‍යාපාරය දිය කර හැර අහවලා රජ කරවීමේ ප්‍රයත්නය

  1. නාගා, ඕෂල ගැන ඇති විවේචන පිලිගත හැකි උනත් ඉසුරු සුබසිංහ ගැන පැහැදිලි සැකයක් තහවුරු කර නැහැ…

  2. නාගනන්දගේ ,වංචා දුෂණ වලට එරෙහිව නගපු හඬ .ක්‍රියාකළ ආකාරය ,නඩුකටයුතු ,පුරවැසිකම අත්හැරීම ,මහින්ද පාර්ශවයට දිගින් දිගට පහර දීම ,වැනි දේ දිහා බැලීමේදී ඔබල ඔහුගේ මයිල් ගසක් තරම් වත් මේ රටට කරපු දෙයක් තිබේනම් කියන්න ? ඒ නඩු ටිකවත් බාරගන්න පුළුවන් ද ?විකල්පය දියකිරිම සම්පුර්ණයෙන්ම ඔබලා බාර ගතයුතුය .

  3. නැහැ, මම දන්නේ අර ඉස්සර රස්සාව විදියට සින්දු කියපු ඉරාජ් කියන පුද්ගලයා පමනි ඒත් වීඩියෝ වලින් පමනි, ඔහු ඇත්තටම සුදුද කලුද කියන්නවත් මා දන්නේ නැහැ…නමුත් පොඩි කාලේ මම ගොඩක් ආසා කල පුද්ගලයෙක්.

    නාගා ගැන කියන්න තියෙන්නෙ ඔහුගේ දේශපාලනය ප්‍රතිපත්ති සහ ඔහු ගන්නා දේශපාලනික ක්‍රියාමාර්ග මා අනුමත නොකරන බවයි. පුද්ගලිකව මා ඔහු ගැන දන්නේ හොද පුතාලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්, යම්කිසි විදියටකට ලංකාවේ දේශපාලනය වෙනස්කිරීමට ක්‍රියාත්මක වුන පුද්ගලයෙක්. මුදල් අවබාවිතය ගැන මා කොසිවක් සාක්ශිත් සමග නොදන්නා නිසා කිසිදු විදියට ඒ පිලිබද ඔහුව විවේචනය නොකරමි. වගකීමෙන් ඔහු සහ ඉරාජ්ගේද කිසිදු සම්බන්දයක් නැති බවට විශ්වාසය කරමි.
    ඕශල කියන්නේ ගුප්ත චරිතයක්, ඔබ ඔහුව පුද්ගලික හදුනන්නේ නැතිනම්. පුද්ගලිකව, ඔහුව හදුනන මා හට කියන්න තියෙන්නේ, මා මෙන්ම තම දරුවන්ට දැඩිව ආදාරකරන කෙසේ හෝ රට දිනවන්න මහන්සිවෙන මනුස්සයෙක්. ඔහු බාවිත කරන උපක්‍රම සාමප්‍රදායෙන් පිට වීම බොහෝවිට ඔබ ඔහුව වැරදි කෝනයෙන් දකින්න හේතු වනු ඇත. NPM එක ගැන මා කතා නොකරමි නමුත් විකල්පය වෙනුවෙන් සටන්කල ඒ කන්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් වන මා එයින් ඉවත් වුයේ විනිවිද බාවය පිලිබද පුද්ගලිකව මට සෑහීමකට පත්වෙන්න බැරු උන නිසාවෙන් පමනි!
    විකල්ප දේශපාලනය වෙනුවෙන් පෙනීසිටපු කිසිවෙක් තම මඩිය තරකරගන්න මෙතනට ආවේ නැත් බව මා හොදාකාරවම දනිමි. ඒ වාගේම ප්‍රදාන පක්ෂයන් ඔවුන්ගේ හෙන්චයියන් මගින් විකල්පය අඩපන කිරීම සෑම පියවරක්ම ගත් බවද මම හොදාකාරවම දනිමි.

    දැන් මේ දිග පච හෑල්ල ලියපු පුද්ගලයාට මට කියන්න තියෙන්නේ, හොදට රෝල් කරලා අවශ්‍ය ලෙසට පාවිච්චි කරන්න පමනි. නමුත්, නොමිලයේ ලබාදෙන ප්‍රචාරනයට සහ හොද ෆොටෝ එකක් පාවිච්චි කිරීම පිලිබද ස්තුතියි!

  4. මෙක ලියපු එකා නාගානන්ද මහතා ගැන කිසිම දෙයක් නොදන්න හරකෙක් බව පැහැදිලිවම අපට පෙන්නුම් කර ඇත.

  5. නාගානන්ද යනු වැඩක් කර පෙන්වූ අයෙකි,,,,, ඔහු ගැන දන්නෝ දනිති,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares