• October 28, 2020
20 Comments

බෙදා හරින්න

නිවසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා.

පවතින තත්වය අනුව නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරී කටයුතු කිරීමට බොහෝ දෙනෙකු හට සිදු වී ඇති හෙයින් ඒ සඳහා අධික පිරිවැයක් තම තමන්ටම දැරීමට සිදු වීමෙන් මහත් අපහසුතාවයට පත්ව සිටින රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරනා පිරිස් ඇතුලු සියලු ජනතාව වෙත මෙම සහනය ලබා දිය යුතු බව UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසි​න් ජනපතිට දන්වා සිටිනවා.

අන්තර්ජාල පහසුකම් මිළ අධික වීමත්, දිවා රාත්‍රී ලෙස වෙන් කොට අන්තර්ජාල පහසුකම් ලබා දීමත් හේතුවෙන් බොහෝ දෙනා මේ දිනවල දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. එම වෙන් කොට ලබා දීමේ ක්‍රමය අහෝසි කොට දවස පුරාම භාවිතා කිරීමට හැකිවන පරිදි අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය රජයට යෝජනා කොට තිබෙනවා.

ඉන්දියානු සමාගම් ඉතා අඩු මුදලට අන්ලිමිට් ඩේටා පහසුකම් ලබා දෙන ආකාරය

UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය Facebook පිටුව හා සම්බන්ධ වී ඔබේ අදහස් යෝජනාද ලබා දෙන්න: https://www.facebook.com/unitelk.org

20 thoughts on “දිවා රාත්‍රී ලෙ​ස අන්තර්ජාල පහසුකම් වෙන් කිරීම නවත්වන්න – ජනපතිට විශේෂ යෝජනාවක්

  1. විශේෂිත වූ පුද්ගලයින් වෙනුවෙන් පමනක් Night Time Data ක්‍රමය වෙනුවට පහසු ක්‍රමයක් යොජනා කර තිබිම නිසාවෙන් මෙම යොජනාව සැක සහිතයි. විය යුත්තේ සෑම රටකම මෙන් සියලුම ගෘහස්ත සම්බන්ධතා වේගය අනුව Any Time ක්‍රමයට මිල තීරණය කරන්නා වූ සම්බන්ධතා ලපා දීමයි.. මෙයින් වන්නේ බලු වැඩක්. ඒ මෙම පහසුකම නැති පිරිස්ට ලබා දෙන සම්බධතා අධික මිලකට අලෙවි කර ඔවුන්ගෙන් පාඩුව පියවා ගැනීමේ ක්‍රමවේදයකට අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන සමාගම් තල්ලු කරවීමයි.
    මෙය නොවිය යුතු දෙයක්.

  2. ඉන්දියාවයි ලංකාවයි සමාන කරන්න බෑ වගේම ඉන්දීය රුපියල අපට සමකරන්නත් බෑ.
    ඉන්දියාව තොරතුරු තාක්ෂණය අතින් අපට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන්ටම අයත් චන්ද්‍රිකා තාක්ෂණයත් සහත නිසයි.
    අපේ රටේ දේශපාලන අධිකාරියේ කොමිස් කෑදරකම හා රට ජාතිය ගැන කැක්කුමක් නොමැතිවීමත්, බහුතරයක් ඔවුන්ගේ සශ්‍රීකත්වය අපේක්ෂා කරන බැවින් මේ දේවල් ඉදිරියටත් මෙලෙසම සිදුවෙයි.

    1. Indhiyavath pavichcchi karanne apata ena kebal line ekama thamay anika Indian rupiyal walata balanna ona na lanka rupiyal walata gana balala hari anytime denavanam loku deyak

  3. අත්තටන මෙය මිට කලින් කල යුතු දෙයක් මම හිතනවා දෙශිය සමාගමක් නිර්මාණය කොලොත් බොහො හොදයි මොකද අපෙ සල්ලි පිටරට යන්නෙ නැනෙ මම සංචාරක ව්‍යාපාර නිරතවන්නෙක්
    srilanka

    1. Attama eka godak hoda yojanawak ape rate tellcome lawage ekadipathiyo minissunwa huran kanawa anika night time kiyla tawa ekak development country ekak 24 hours same speed mama danata jiwath wenne qatar wala me rate paya 24 ekama speed ekakin unlimited kisima buffering wimak wen na lankawe tax ekath wadi extra GB ganna additional charge karanawa 1GB ekakata Rs150 attama mewa minissu hiran karana1 thama karanna Gotabaya janadipathi thuma Gatta teranaya godak hodai.

  4. ඇත්තෙන්ම මෙය හොඳ යෝජනාවක් .මම අන්තර්ජාලය නිතරම බාවිතා කරනවා..අන්තර්ජාලය සීමා රහිතව ලබා දීම රටක දියුණුවටද බලපායි

  5. ඇත්තටම මෙය හොද යෝජනාවක් .ගුරුවරයෙක් හැටියට මේ දිනවල දරුවන්ට මාර්ගගතව ඉගැන්වීම් කටයුතු සදහා වැඩි පිරිවැයක් දරන්න සිදුවනවා ව⁣ගේම.දරුවන්ටත් ඉගෙනීම් කටයුතු වලට විශාල අන්තර්ජාල පිරිවැයක් දරන්න වෙනවා. විශාල මුදලක් දීල පරිගනකයක් මිලදී ගෙන ඩේට කාඩ් හැමදාම දාන්න දුප්පත් දෙමාපියන්ට සල්ලි නෑ.night time data නිකම්ම නැතිවෙනවා. මේ සමාගම් වලට අධික ලාභ නොදී රටේ ජනයාට සහන ලබා දීමට ජනපතිතුමා තදින් ක්‍රියාත්මක විය යුතුයි.මීට වැඩිය දරුවො ඉගෙනීම් කටයුතු දියුණු කරගනියි.ගුරුවරු යාවත්කාලීන වෙයි.

  6. ඔවුන්ට එසේ කළනොහැකි නම් data පාවිච්චි කරන ප්‍රමානයට අනුව ගාස්තු අය කරන ලෙස ලෙස රජයට යොජනා කරන්න.

  7. This will save electricty during the off peak hours. Further children an adults can use infrastructure only during day time. Day time productivity will improve due to evading long night time work.

  8. Bangladesh duppath ratak welath land connection wala data unlimited. Charge karanne speed ekata.mobile connection wala witharai data packages thiyenne. E wage kramayak lankaweth haduwoth hodai.

  9. එක හොදයි..නමුත් සෑම පුරවැසියෙකුටම පාවිච්චි කරන්න පුලුවන් විදිහට unlimited package හදුන්වා දෙනවානම් හොදයි. Night time day time කියලා වෙන් කරලා .ඒ company වලින් කරන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කනඑක.වෙන රටවල් වල අඩු මුදලට අන්තජාල පහසුකම් ලාබා දෙනවා.උදාහරණයකට දකුණු කොරියාව තුල unlimited package සමග ජංගම දුරකථන පාවා දෙනවා.දවසේ ඕනෑම වේලාව පාවිච්චි කරන්න පුලුවන් . රටේ අඅන්තර් ජාලය පාවිච්චි කරන්න බෑ දැනට තියන ක්‍රමවේද වෙනස් කරලා පාරිභෝගිකයාට පහසු ලාබදායී unlimited package එකක් හදුන්වා දෙනවානම් ගොඩක් හොදයි .

  10. While trying to usenight time data most youung adults wake up whole night time and sleep during day time ,really really anoyig parents ,loosing household peacefully environment which shouldn’t have happen ,so pleed to authorities to look into this very soon !!
    Thanks.

  11. එක එක අයට වෙනම නොව සෑම පුද්ගලයෙකුටම මෙය භාවිතා කිරිමට සැලස්විය යුත්යි.ඉහල පැලැන්තියට එකක් පහල පැලැන්තියට එකක් ඔක නිසා තමා මේ රටට දියුණු නොවන්නේ ….

  12. This is a good thing to do as night time data use has caused one reason to have low productivity in both private and government sector, thus compell to take rest during office hours since breaking the rest at night.

  13. ඇත්තටම හොද යෝජනාවක් .මම ගුරුවරියක්..ලමයින්ට day time data නෑ..අම්මලා තාත්තලා දවල් වැඩ.ඉතින් night time data නිසා අපි උගන්වන්නෙ රෑ 12 ඉදන්..ඒක අපිටත් අමාරුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares