• August 5, 2020
0 Comments

බෙදා හරින්න

කුප්‍රකට ඇවන්ගාඩ් වංචනික ව්‍යාපාරයෙහි හිමිකාරිත්වය දරණ නිශ්ශංක සේනාධිපති තමන් විසින් ජාතික ජන බලවේගයෙහි පරාජය වෙනුවෙන් ලක්ෂ 500කට අධික මුදලක් වියදම් කිරීමට සූදානම් බව සැළ වීමෙන් අනතුරුව බොහෝ සමාජ මාධ්‍ය ඒජන්සිකරුවන් සහ ඇතම් ඇඩ්වටයිසින් ක්ෂෙත්‍රයේ වෙළඳුන් එම මුදල තමන් සතු කරගනු වස් විවිධ ව්‍යාපෘති යෝජනා සේනාධිපති වෙත ඉදිරිපත් කළ බව නොරහසකි. විශ්වාසවන්ත තොරතුරු ආරංචිමාර්ග වලට අනුව ඉදිරි දින කීපයේ එම මුදල් ලබා ගත් වාසනාවන්ත පුද්ගලයා විසින් සංගීත වීඩියෝවක් මෙන්ම තවත් දැන්වීම් රූපරචනා කීපයක්ම එළිදැක්වීමට නියමිතය.  නමුත් මෙහි ඇති හාස්‍යජනක කරුණ නම් ඒ සියල්ලම ඉතා අඩුමුදලින් සිදුකරන ලද බාල වර්ගයේ productions වීමයි. ඒ අනුව අදාල සංගීතඥයෙකු යයි කියාගන්නා ව්‍යාපාරිකයා විසින් සේනාධිපතිගේ මුදල් ඉතා යහමින් ගරාගත් බවයි පැවසෙන්නේ. 

නමුත් මේ ව්‍යාපෘතින් ජනාධිපතිතුමන්ගේ දැඩි දෝශදර්ශනයට ලක් වී ඇති අතර තමන් බලයට පත්වූයේ මෙවන් පහත් පෙළේ දේශපාලනයක් කිරීමට නොවන බව එතුමා දැඩිව අවධාරණය කොට ඇති බව වාර්තා වනවා. එනමුත් කණගාටුවට කරුණ නම් ජනපතිවරයාගේ බස් පොහොට්ටුවේ හෙංචයියන් කිසිවෙකු ගණන් නොගැනීමයි.

මම 3% පාර්ලිමේන්තුවෙන් එලවනවා නිස්සංක සේනාධිපති කියයි

Posted by රජ්ගම අපි පොහොට්ටුවට on Tuesday, June 30, 2020
සේනාධිපති විසින් කළ ප්‍රකාශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares